විරුද්ධ හා විවේචනාත්මක අදහස් දරන වෙබ් අඩෙවි ද වාරනයට ලක් කිරීමට පසුබට නොවන බවට ටැමිල්නෙට් වෙබ් අඩෙවිය වාරනය මගින් මෙරට පාලක පන්තිය දැනට මත් පූර්වාදර්ශයක් දී තිබෙනවා. මේ සියල්ල එකට ගෙන බලන විට ඇඳී යන චිත්‍රය සුබදායක නැහැ.
ඒ අතර හාස්‍යය ද උපදවන තවත් ආරංචියක් තියෙනවා : ආන්ඩුව මුදල් ගෙවීමේ පදනම මත "සදාචාරයේ" සිදුරක් හදන්න සලකා බලමින් ඉන්න බව වාර්තා වෙනවා. ඒ කියන්නෙ, අවහිර කරනු ලැබූ කාමලේඛ(pornographic) වෙබ් අඩෙවිවලට අවශ්‍ය නම් මුදල් ගෙවා පිවිසුම ලබා ගන්න ඉඩ සලසන්න යන බවයි ආරංචිය. අපේ රටේ රාජ්‍ය යන්ත්‍රය වාරනයට වගේ ම කාමලේඛ වෙලඳාමටත් (pornography business) අවතීර්න වෙන්නද යන්නේ? :D කාටද ආඩම්බර!
කෙසේ වෙතත් සිංහලෙන් FOSS වෙබ් අඩෙවිය පෙන්වා දුන් පරිදි බාලවයස්කාරයින්ගේ "ආරක්ශාව" සඳහා මෙහි සම්පූර්න අනිත් පැත්ත ක්‍රියාත්මක කල හැකියි. දරුවන් සිටින දෙමාපියන්ට, බාලවයස්කාරයින් සැරිසරන අන්තර්ජාල අවකාශය සීමා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සේවා සපයන්නන් වෙතින් සීමා පනවන ලද පැකේජ ලබාගැනීමේ අවස්ථාව විවෘත කිරීම මනෝඥ බව පේනවා. එසේත් නැති නම් අවශ්‍ය අයට ගෘහස්ත හෝ ආයතනික මට්ටමින් පෙරහනක් ස්ථාපනය කරගන්න පුලුවන්. ඒක ඒ ඒ අයගේ පුද්ගලික තීන්දුව විය යුතුයි! දැනටත් පාසැල් සඳහා එලා ඇති schoolnet තුල මෙවැනි සීමා පවතිනවා. ඒ වෙනුවට එහි අනිත් පැත්ත, එනම් මුලු මහත් ජාලය ම අවහිර කිරීම සැබැවින් ම වෙනත් දුර්දාන්ත අපේක්ශා ඉටු කරගැනීම්වස් එලූ සැලසුමක් බව පැහැදිලියි.
විරෝධය
මේ වාරන යෝජනාවට තැන් ගනනාවක ම විරෝධය පල කෙරෙනු දක්නට ලැබුනා. දැන් Facebook අඩෙවිය තුල මේ පිලිබඳ අවධානය යොමු කරන හඬ නඟන පිරිසක් සංවිධානය වෙමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ සිව් වැනියට වඩාත් ම ජනප්‍රිය - වඩාත් ම භාවිත කරන වෙබ් අඩෙවිය වන Facebook මත මෙවැනි සංවිධානය වීමක් හටගැන්ම ඉතා වැදගත් බවයි මගේ හැඟීම. පුලුල් ශ්‍රාවකත්වයක් කරා මේ පනිවිඩය ගෙන යාමට හැකියාවක් ඉන් විවෘත වෙනවා.
ඔබත් බැඳෙන්න. ඔබ දන්නා හඳුනන අයටත් කියන්න. මේ විරෝධතා රූපය ඔබේ අඩෙවියේත් පල කරන්න. පනිවිඩය අතිනත යවන්න :
No to internet censorship in Sri Lnanka.

ඒ වගේ ම ඔබට හැකි සෑම තැනක ම මේ පිලිබඳව විවෘතව ලිවීම හා සාකච්ඡා කිරීම ද වැදගත්.
මේ ගැටලුව පිලිබඳ ලියැවුනු කියැවුනු තවත් තැන්
සිංහලෙන් foss පොඩ් විකාශය
LIRNEasia
The rise of the Nanny State: Sri Lanka to filter pornography on the web
Don't let them
SL Government to sell porn
.


12 comments:
මේ විහිලු වාරණය ක්‍රියාත්මක කරන්න තාක්ෂණිකව බැහැ නේද?
එහෙමනම් ඉන්ටර්නෙට් වලින් සියළුම peer to peer සබඳතා නවත්වන්න වෙයි. එතකොට ඒ තවදුරටත් ඉන්ටර්නෙට් නෙවෙයි නේද?
ප්‍රසාන්, ඒක නම් ඇත්ත. මේක කියන ආකාරයට ම ක්‍රියාත්මක කරන්න බැහැ තමයි.
නමුත් මට පේන්නෙ මේ වාරනය අන්තර්ජාලයේ සිටින අය වගේ ම අන්තර්ජාලයේ නොසිටින අයත් ඉලක්ක කරගෙන යොදන සූක්ශ්ම උපායක් වෙන්නත් පුලුවන් කියලයි :D මේ තීන්දුවට හොඳ audience එකක් රට තුල ඉන්නවා වෙන්න පුලුවනි. මොකද දැන් රට කරවන උදවිය "සදාචාරය" "විනය" වගේ තේමාවන්/උද්යෝගපාඨ සිංහල- බෞද්ධ ජාතිකවාදී ජනපදනමකට ඉදිරිපත් කරමින් ඒ ඔස්සේ සෑහෙන අනුකූලතාවක් දිනා ගත් ප්‍රවනතාවකට අයිතියි. එවැනි ජනපදනමක් සතුටු කිරීම් වස්, හරියට අර "මතට තිත" තැබීමේ ගෝසාව, කොට ගවුම් තහනම වගේ මේ වැඩේ මුලදී පාවිච්චි කරන්න පුලුවන් :D ඒ තීන්දුව "මාර්කට් කිරීම".
ඉන් පසු සියල්ල කෙසේ වෙතත්, එකක් දෙකක් ප්‍රසිද්ධ කාමලේඛ වෙබ් අඩෙවි අවහිර කිරීම කල හැකියි. එයින් පසු අර දෙවැනි අරමුන ඉටු කරගන්න පියවර තියන්න පුලුවන්. ඒ කියන්නෙ ආන්ඩු කරන අයට නොරුස්සන අඩෙවි, "ත්‍රස්තවාදී" ලෙස නම් කෙරෙන අඩෙවි, මෙකී නොකී දෑ.....
මේ යෝජිත වාරනය වුනත් බොහොම දරුනු ප්‍රතිඵල ලැබෙන තත්වයකට ගෙනියන්න බැරි නැහැ. උදාහරනයක් හැටියට ඉරානය(මේ ආන්ඩුවේ අලුත් ම "මිතුරා") දක්වන්න පුලුවන්. අන්න ඒ වගේ අත්තනෝමතික මට්ටමකට, තොග පිටින් වෙබ් අඩෙවි අවහිර කරන තත්වයකට මේ "සදාචාරාත්මක" වාරනයට යන්න බැරි නැහැ ප්‍රායෝගික තලයේ වුනත්. වෙනත් මාධ්‍ය සම්බන්ධයෙන් මේ රටේ සිදුවුනු වාරන පිලිබඳ අතීතය සලකා බලද්දී මෙය නොසලකා හල යුතු අවදානමක් ද නොවෙයි.
ඔව් pornography වාරණයට වඩා වෙබ් අඩවි වාරණය ලෙහෙසියි. මේ දෙක දෙකක්නේ!
ඒ වගේම p2p වලින් බෙදාහැරෙන නීතිවිරෝධී මුදුකාංග, සලරූ වගේ දේවල් වුනත් නවත්වන්න බොහෝ රටවල් උත්සාහ කලත් තාම අසාර්ථකයි.
මෙතන තිබෙනවා ඒ වගෙ රස කථාවක් දෙකක්
http://dmca.cs.washington.edu/
http://torrentfreak.com/study-reveals-reckless-anti-piracy-antics-080605/
http://torrentfreak.com/illegal-downloaders-will-not-face-uk-ban-080212/
මේ ආණ්ඩුව විසින් ගැලරිය පිනවන්න කරන වැඩක්. අාන්ඩුව දන්නව මේක නීතිගත කරනවා කිව්වහම අපේ ඊනියා සදාචාරවාදීන් සතුටෙන් පිනායන විත්තිය. ඒත් ඇත්ත කතාව මේකෙන් කෙරෙන්නෙ සමාජය තව තවත් මේ ගැන උනන්දු කරන එක. ලිංගිකත්වය කියන්නේ කතා කරන්නවත් හොඳ නැති දෙයක් ලෙස දකින අපේ සමාජයේ සදාචාරය මනින මිනුම් විදියට දකින්නේ මේවා තමයි.
ඒක අමතක කරත් මේ තුල බරපතල තර්ජනයක් තියෙනවා. තමන්ගේ මතයට එපිටින් යන කිසිවක් සමාජගත වීම වැළැක්වීමේ තවත් පියවරක් තමයි මේ. කොහොමත් ලංකාව කියන්නේ විවෘත සංවාදයන් වෙනුවට ඒකපුද්ගල සංවාද පවත්වන රටක්.
ආණ්ඩුව වැඩේට අත ගහල වගේ. !??
සිංහල අන්තර්ජාල පුවත්පතක් වන http://www.mirisa.org/ වලට සාමාන්‍ය විදියට පිවිසෙන්න බැහැ. හැබැයි proxy තාක්ෂණය භාවිතා කිරීමෙන් පුළුවන්. mirisa කොහොමත් ආණ්ඩුව දැඩිව විවේචනය කල පුවත්පතක්. ඒ නිසා මේක අවහිර කර ඇතැයි මට සිතෙනවා.
(සැප්.13 2008)
කසුන්, ඔව් නේන්නම්! ප්‍රොක්සියකින් මම දැන් ගහින බැලුවා. යන්න පුලුවන්. කෙලින් ම ගියාට පිවිසෙන්න බැහැ! මේකෙ සැබෑ තත්වය මොකක්ද කියලා හරියටම දන්නෙ නැහැ. තොරතුර දැන්වුවාට ස්තුතියි.
---
[නිවැරදි කිරීමක්]
සමාවෙන්න, මිරිස පුවත් අඩවිය අවහිර කිරීමක් සිදුව නැහැ.
මම අද උදේ මිරිසට පිවිසෙන්න උත්සහකල විට එයට නොහැකි උනා. අනතුරව වෙනත් පරිඝණකයකින් ද ඊට පිවිසිය නොහැකි වුනා. අවසානයේ ninjaproxy මඟින් එය කල හැකි වූ නිසා මම හිතුවේ යම් අවහිර කිරීමක් සිදුකර ඇතැයි කියල.
අනතුරුව ලංකාබෙල් සබඳතාව භාවිතා කරන මිතුරෙකුගෙන් ඒ ගැන විමසූ විට ඔහු කීවේ ඔහු කීවේ mirisa වෙබ් අඩවිය වෙත පිවිසෙන්න හැකි වූ බව.
ඒත් මේ වන විට (sltnet හරහාද) එයට පිවිසිය හැකියි. ඒ නිසා මගේ සිතුවිල්ල වැරදියි බව මම පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් වුනි නම් කණගාටුයි.
--
@Anandawardhana:
mirisata පිවිසෙන්න නොහැකි වී ඇත්තේ වෙන හේතුවක් නිසා වගෙයි. ඒත් මට තාම හිතාගන්න බැරි ඇයි එහෙනම් proxy භාවිතාකල විට යන්න පුළුවන් උනේ කියලා. කොහොම වුනත් මේ පිළිබඳව යම් අපහසුතාවයක් වුනා නම් සමාවෙන්න
මටත් දැන් පිවිසිය හැකියි :) මොකක් හරි බාධකයක් කලින් තිබුනා. දැන් ගැටලුවක් නැහැ.
මම මිරිස වෙබ් අඩවියට ගියා. ඒකේ තියෙන සිංහල අකුරු මගේ පරිඝණකයේ පේන්නේ නෑ. දිවයින අඩවියෙත් මේකම වුනා. මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද???
@Shapeshifter
එම අඩෙවි ඉතා යල් පැන ගිය තාක්ශනයක් අනුගමනය කරන නිසා බොහෝ දෙනෙකුට ඒවා කියවන්න පහසුව නැහැ. ඒවා සිංහල යුනිකෝඩ් භාවිත කරන අඩෙවි නොවෙයි.
මමත් දිවයින පුවත්පත කිසි දිනක අන්තර්ජාලයෙන් කියවා නැහැ. මිරිස අඩෙවියත් එහෙමයි.
@Shapeshifter
පාඨකයින් හැටියට එම අඩෙවිවලට/මාධ්‍ය ආයතනවලට ලියා යැවීම තමයි මෙහිදී අපට කරන්න පුලුවන් හොඳ ම දේ. සිංහල යුනිකෝඩ් භාවිත කරන මෙන් ඉල්ලා සිටිමින් ද එයින් වැඩි පිරිසකට එම අඩෙවි කියවිය හැකි බවට පත් කල හැකි බව පහදමින් ද ලිපියක් යැවීම අපි හැමෝටම කල හැකියි. මමත් ලද විට එය කරනවා.
Post a Comment