ඔන්න අමාරුම වෙලාව. ඉතා තදින් නිදිමත එන නිසා මේ වෙලාවටලු සාමාන්‍යයෙං හොරු ගෙවල්වලට පනින්නෙ. ඒ ගැන නං මට ඒ තරං තේරුමක් නෑ. කොහොම වුනත් මැරතන් බලබල දුව දුව ඉන්න අතරේ තදින් ම නිදිමත ආපු වෙලාව දැන් ගතවෙන්නෙ.
ඉතින් විවිධ යෝජනා එනවා නිදිමත අරින්න. මම නම් ඉතින් සීතල වතුරෙන් මූන ඇඟපත හෝදගෙන එනවා සැරින් සැරේ. නමුත් බෝදිනී කියන්නෙ ඔලුවෙන් හිටගෙන ඉඳීම හොඳයි කියලා. ඒකත් කරලා බැලුවා. නරක ම නෑ. දැන් ඔන්න ආයෙත් තේ එකක් වත් කරගත්තා. තේයි සීතල වතුරයි තමයි මට නම් හරියන්නෙ. සමහරු නම් පොල් කිරිත් බීලා කියලයි ආරංචිය :D
මැරතන් එක දැන් ටිකක් හෙමින් පෙරට ඇදෙන්නෙ. සෙමින් නමුත් පෙරට....
Saturday, April 19, 2008
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment