Thursday, July 9, 2009
Schools, principals, principles and Facebook
It is noteworthy that this ban takes place in a context in which a significant number of schools in Sri Lanka are opening up to the benefits and new possibilities of the world wide web, including social networking sites and other web2.0 tools such as blogging. Royal College, being the most outstanding exponent of this trend, recently announced a blogging competition as a part of their annual literary festival; and their constructive use of Facebook in publicizing and coordinating this event is widely admired.
However, Sirimavo Bandaranaike Vidyalaya has different plans.
Ironically enough, the most recent "completed project" of the school is "Establishing a security camera system (CCTV)" :D
I wonder how does the principal plan to monitor the activities of her students on Facebook from now on...
In addition to Sirimavo Bandaranaike Vidyalaya, Facebook has been blocked or banned in several places around the globe including Syria and Iran :D
.
Thursday, May 14, 2009
Blogging for a cause : I vote for Global Voices Advocacy
I vote for Global Voices Advocacy because they strive to make sure that "manuscripts don't burn" in the digital era - to borrow a phrase from Mikhail Bulgakov's novel The Master and Margarita.
I vote in admiration of the great job they have been doing in raising awareness of the attacks against online freedom of speech. In addition, the support they have given to activists and bloggers around the world with tools and tactics to face censorship and other dangers is very much appreciated.
Global Voices Advocacy is a project of Global Voices Online.
One of the few groups that works directly with global bloggers on the frontlines of free speech is Global Voices Advocacy. It's a blog run by Sami ben Gharbia, who is himself a blogger in exile, together with a great community of authors.
Help Global Voices Advocacy win $3000 by writing one postCheck out some of the projects by GV Advocacy:
We all have an opportunity to help Global Voices Advocacy win $3000 simply by writing a post in our own blogs and inserting the short text you can copy on this page: http://www.zemanta.com/bloggingforacause/
That's it! And the five blogs to get the most votes will each win a prize of $3000.
The deadline is JUNE 6, 2009.
If they win this money, it will surely strengthen their services and ultimately the entire blogosphere will benefit.
Click here for more information. Spread the word! Blog!
Anonymous Blogging with Wordpress & Tor
Advocacy 2.0 Guide: Tools for Digital Advocacy
Access Denied Map
Blockpages
And more
This blog post is part of Zemanta's "Blogging For a Cause" campaign to raise awareness and funds for worthy causes that bloggers care about.
Monday, May 4, 2009
"ඒ අයට හලීම තන්තෝසයි" - යසුශි අකාශි
අකාශි කියන හැටියට නං සාමය ඇතිවිට වැඩියෙන් ආධාර ලැබෙනවා. සාමය අඩුවිට ලැබෙන ආධාර ප්‍රමාණය අඩුවෙනවා. නමුත් මෙසේ වුවත් ජපානය මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නැහැ. ජපානයත් ආධාර දීම නවත්වන්නෙ නැහැ.
ඔන්න ශේශ පත්‍රය. වැඩිදුර කියවන්න.
ඉස්සර මේ වගේ අඤ්ඤකොරොස් කතා කියනකොට "හිටගෙන ද" කියල අහන පුරුද්දක් ඇතැම් අය අතර තිබුන මතකයි. ඇත්තටම "හිටගෙන" බව මේ සේයාරූ දකිනකොට පේනව.

මම මේ මොනව දොඩවනවද කියල තේරුම් බේරුම් කරගන්න බැරි අය මගේ කලින් සටහනත් ඊට පෙර සටහනත් බලන්න. ඒ ලිපි පෙල යථා පරිදි ඉදිරියේ පල කෙරෙනු ඇති.
ඔබාමා - මිලිබෑන්ඩ් - රාජපක්ශ සහ සමාගම : හක්කෙත් දඩමස් බොක්කෙත් දඩමස්! (1)
දේශපාලනය යනු හුදු ව්‍යවහාරික බුද්ධියෙනුත්(common sense) පත්තර කියවීමෙනුත් කල හැකි දෙයක් පමනක් නම් ඉහත දර්ශන පථයෙන් ඔබ්බට නොවිමසා නිහඬ වෙන්න තිබුනා. එහෙත් සමාජ දේහය පිලිබද ගැටලුවලටත් - ශරීරය පිලිබඳ ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවිශ්ටයක් අවශ්‍ය වන්නේ යම් සේ ද - විද්‍යාත්මක හා න්‍යායික ප්‍රවිශ්ටයක් ගත යුතු වෙනවා. මේ විද්‍යාත්මක ප්‍රවිශ්ටය අනිවාර්ය ලෙස ම ඓතිහාසික අත්දැකීම්වල පාඩම් මත පදනම් වූවක්. එහෙම නැත් නම් කියවෙන්නේ හුදු ගම්මැදි හෑලි පමනයි. එවිට, අන්තිමේ දී දෘශ්‍යමානයට අපි කවුරුත් අනුගත වෙනවා.
පන්ති අවශ්‍යතා
ඔන්න පාරිභාශික පදයක්. සුව පහසු දෙයක් නම් නෙමෙයි. නමුත් රාජපක්ශ තන්ත්‍රයේත් මේ අධිරාජ්‍යවාදී මැදිහත්කරුවන්ගේත් පන්ති උත්සුකයේ තිබෙන වෙනස්කම් මොනවා ද? ජාතික ධනපති පන්තිය මෙහි දී අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහි ව කිසියම් ප්‍රගතිශීලී කර්තව්‍යයක් ඉටු කරනු ඇද්ද? එසේ කිරීමට සමත් ද?
ප්‍රකාශිත අරමුනු කෙසේ වුව ද අධිරාජ්‍යවාදීන් "සිවිල් ජනතාව" වෙනුවෙන් හෙලන කඳුලුවල ඇත්ත හෙලි වුන අවස්ථාවක් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ශක කවුන්සිලයේ සිද්ධිය. පස්සා දොරවල්වල කවර සාකච්ඡා කඳුලු හෙලීම් සිදු වුනත් අවසානයේ රාජපක්ශ තන්ත්‍රයේ යුද අපරාධ ගැන අකුරකුදු වැය නොකර ඔවුන් හුදෙක් "යටත් වන ලෙස" එල්ටීටීඊයට කැඳවුම් නිකුත් කලා. 2006 පටන් ශ්‍රී ලංකා ආන්ඩුව අඛන්ඩ ව සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දීත් මොවුන් කලේ මුනිවත රැකීම පමනයි. ඉඳ හිට කරන කෙඳිරිලි තිබුන නමුත් එල්ටීටීඊය පාර්ශ්වයෙන් කෙරෙන සටන් විරාම උල්ලංඝනයන්, ලමා සොල්දාදුවන් බඳවාගැනීම් ආදිය ගැනත් සිදු වුනේ ඒ ටික ම යි. ඒ අතර රාජපක්ශ ආන්ඩුව ද වොශින්ටනයේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" අභිවාදනය කරමින් එහි ම කොටසක් තම රට තුල ද දියත් කොට ඇති බව පුන පුනා කියමින් සිටියා.
යථාර්ථය තුල මෙරට පැවති 26 අවුරුදු යුද්ධය "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්" ද? දේශපාලන විශ්ලේශක පීටර් සිමන්ඩ්ස් මෙය මනා ව සංග්‍රහ කරනවා :
In reality, the 26-year conflict is not a “war on terrorism” but a communal war produced by decades of anti-Tamil discrimination on the part of successive Sri Lankan governments. Its purpose is to entrench the power and privileges of the Sinhalese ruling elites at the expense not only of the Tamil minority but the working class as a whole.
Army chief Sarath Fonseka summed up this Sinhala supremacist attitude when he declared last September: “I strongly believe that this country belongs to the Sinhalese... They [the minorities] can live in this country with us. But they must not try to, under the pretext of being a minority, demand undue things.”
In the poisonous communal atmosphere in Colombo, any ceasefire call is treated as “saving the Tiger terrorists”. The Sri Lankan establishment has reacted to international expressions of concern with barely concealed contempt. An editorial last week in the right-wing Island, for instance, dismissed the plight of Tamil civilians, declaring: “Who doesn’t know that war is synonymous with suffering?”
සිමන්ඩ්ස් වැඩිදුර විග්‍රහ කරන පරිදි මහබලවතුන්ගේ මානුශීය ආධාර පිලිබඳ කන්කෙඳිරිය පසුපස ඇත්තටම තියෙන්නේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා. ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලින් බුරුතු පිටින් මියෑදෙන ඇෆ්ගනිස්තාන, පාකිස්තාන හා ඉරාක වැසියන් පිලිබඳ දක්වන කනස්සල්ලට වඩා වැඩි යමක් මෙරට මිය යන දෙමල ජනයා කෙරෙහි ද ඔබාමා පරිපාලනය දක්වන්නේ නැහැ. ලෝක දේශපාලනය පිලිබඳ නිර්භය විවේචකයකු ද වන නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ නායක රිචර්ඩ් ස්ටෝල්මන් සූරීන් මේ ගැන බොහොම හොඳ වැකියක් ලිව්වා :
"Sri Lanka has gone back to bombing and shelling the thousands of Tamil civilians trapped in the middle of the battle. The US could easily use unmanned reconnaissance drones to find out and tell us what is really happening, if Obama cared."එවැනි වැඩ ගැන තඹ අලුක්කාලක තැකීමක් නැති එක්සත් ජනපදය, තැකීමක් කරන්නේ කුමක් ගැන ද? පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති ව්‍යාපාරික හමුවක දී දකුනු ආසියාව සඳහා පත් කල ඇමෙරිකා එක්සත් ජනපද සහකාර වෙළඳ නියෝජිත(Assistant United States Trade Representative for South Asia) මයිකල් ඩිලනේ පල කල අදහස් දෙස බලන විට තත්වය වඩාත් දීප්තිමත් ව පැහැදිලි වෙනවා. ඔවුන්ගේ උත්සුකය යුද්ධය අවසන් වූ පසු මෙහි විවෘත වන ව්‍යාපාරික හා මුල්‍ය අවකාශ ගැනයි. ඔහුට අනුව මේ වසර අවසානයේ ඇමෙරිකානු ආයෝජක කන්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද යෙදෙනු ඇති. අනික් පසින් ලංකාවේ භූගෝලීය පිහිටීම හේතු කොට ගෙන ඇමෙරිකා එක්සත් ජනපද පාලක ප්‍රභූව මෙහි දකින මූලෝපායික වැදගත්කම. පසුගිය අවුරුදු කීපය තිස්සේ ම ඇමෙරිකානු මිලිටරියෙහි විවිධ අංශ ගිවිසුම් හා පුහුනු වැඩසටහන් ඔස්සේ මෙරට ආරක්ශක කටයුතු සමග සමීප සම්බන්ධයක් වගාකරගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සිය ජාත්‍යන්තර "තරගකරුවන්" සම්බන්ධයෙන් ගන්නා පියවරවලදී මේ සබඳතා ඉතා තීරනාත්මකයි. විශේශයෙන් පාකිස්තාන දේශ සීමාවෙන් ද මෙපිටට ඔවුන්ගේ යුද මෙහෙයුම් ව්‍යාප්ත කරමින් පවත්නා සන්දර්භයක් තුල. එක පැත්තකින් වඩා තියුනු ශ්‍රම සූරා කෑමකට සරිලන "නිදහස්" වෙලඳ කලාපයක්. අනිත් පසින් ආසියාව පුරා ව්‍යාප්ත කෙරෙමින් පවතින අධිරාජ්‍යවාදී මෙහෙයුම් සඳහා මූලෝපායික නිවහනක්. ලංකාව යනු "පය ගසා ගැනීමට" උචිත ස්ථානයක්. 50 000ක් දෙනා සමූලඝාතනය කොට ආන්ඩුව "යුද්ධය ජයග්‍රහනය කලත්" මේ අධිරාජ්‍යවාදී ප්‍රවිශ්ටය වෙනස් වනු නැහැ.
මේ අවශ්‍යතා සඳහා දිය හැකි නමක් තමයි කලින් උපමාතෘකාවක් හැටියට ලිව්වේ - පන්ති අවශ්‍යතා
එතකොට මහින්ද රාජපක්ශගේ ගර්ජනාවලින් පෙන්නුම් කරන්නේ ඔහුත් ලංකාවේ පාලක පන්තියත් මේ පන්ති අවශ්‍යතාවන්ට එරෙහි ව යන බව ද? මේ උස් හඬින් දේශනා කරන ජාතිකත්වය සහ දේශප්‍රේමය මෙකී පන්ති අවශ්‍යතාවන්ට ඉහලින් පවතින එකක් ද පහලින් පවතින දෙයක්ද? එහෙමත් නැත්නම් මේ දේශප්‍රේමී කතා හුදෙක් අර පන්ති වැඩපිලිවෙලට දැමූ වෙස් මුහුනක් පමනක් ද? මේ ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම ඉතා වැදගත්.
(ලියන්න වෙලාවක් තිබුනොත් මතු සම්බන්ධයි)
අදාල වෙනත් ලිපි
ලොව වටා මිලිබෑන්ඩ්ලාගේ වික්‍රම
.
ලොව වටා මිලිබෑන්ඩ්ලාගේ වික්‍රම

පසුගිය දා ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකා ආන්ඩුවට බල කර සිටියේ සටන් පවතින කලාපයේ (ඊනියා යුද මුක්ත කලාපයේ) සිටින සිවිල් ජනතාවගේ තත්වය සලකා බලමින් වහා ම එල්ටීටීඊය සමග සටන් විරාමයකට යන ලෙසයි. කවුද මේ ඩේවිඩ් මිලිබෑන්ඩ්? ඔහු බ්‍රිතාන්‍ය කම්කරු පක්ශයේ මන්ත්‍රීවරයෙක්. එසේ ම එරට විදේශ ලේකම්. ඔහුගේ නියුක්තිය හුදෙක් ශ්‍රී ලංකාවේ "සිවිල් වැසියන්ගේ ආරක්ශාව" පිලිබඳ කන්නලව් කිරීමට සීමා වෙන්නේ නැහැ. පසුගිය සතියේ ඔහු මැවූ තවත් පුවතක් තියෙනවා. ඔහු නීති නිශාරදයින් ද පිරිවරාගෙන මේ දිනවල වෙහෙසෙන්නේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ග්වන්තනාමෝ බේ සිරකඳවුරට පටවා හැරීමට ප්‍රථම සිදු වූ බවට සැලකෙන දරුනු වධහිංසා පිලිබඳ සී අයි ඒ ලියවිලි මහජන අවධානයට පාත්‍ර වීම වැලැක්වීමට! එහි දී හිංසනයට පාත්‍රව ඇත්තේ හුදෙක් ඇෆ්ඝන්, ඉරාක හෝ අන් රටක "ත්‍රස්තයින්" විතරක් නෙමෙයි. මිලිබෑන්ඩ්ගේ රටේ ම පුරවැසියනුත් මේ අපහරනයට ලක් ව තිබෙනවා. ඉතින් මිලිබෑන්ඩ්ගේ අදිටන ඒ අපරාධ තව දුරටත් සඟවා තබා ගැනීමටයි.
වැඩිදුර කියවන්න Miliband's lawyers try to block CIA report on torture claims
තව ද බ්‍රිතාන්‍ය අගමැති බ්‍රවුන්ගේ නව ඇෆ්ඝන් පිලිවෙත් ක්‍රියාවට නඟන එක් පෙරමුනක් වන්නේත් මිලිබෑන්ඩ්ගේ විදේශ ලේකම් කාර්යාලයයි. මේ අලුත් පිලිවෙතේ එක අංශයක් තමයි ඇෆ්පාක් ප්‍රවිශ්ටය. ඇෆ්පාක් වචනය හැදිලා තියෙන්නෙ ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය යන දෙරටේ නම්වල මුල් අකුරුවලින්. මේ ප්‍රවිශ්ටයේ අර්ථය තමයි තව දුරටත් ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය ප්‍රශ්න දෙකක් හැටියට නොව එකක් හැටියට ගැනීම. මෙය වනාහි දෙරට ම එක ම මිලිටරි හා දේශපාලන ක්‍රියාවලියකට යටත් කිරීමේ පිඹුරුපතක්. තව ද විදෙස් රටවල පුද්ගලික කුලී හමුදා යෙදවීමේ රෙගුලාසි ප්‍රතිසංවිධානය කිරීම සහ තව දුරටත් බ්‍රිතාන්‍ය හමුදාවන් ඉරාක ඇෆ්ඝන් හා සෙසු යුද කලාපවල රඳවා තබාගැනීම ද යුද මෙහෙයුම් දියත් කිරීම ද ඇතුලත් විදෙස් පිලිවෙතෙහි ප්‍රමුඛ ආරක්ශකයකු හා ප්‍රචාරකයකු හැටියට මිලිබෑන්ඩ් කටයුතු කරනවා.
වැඩිදුර කියවන්න
Brown's not-new non-strategy for Afghanistan
සහ Miliband and the mercenaries
මිලිබෑන්ඩ් ගැන තවත් විස්තර
ඒ අතර ශ්‍රී ලංකාව පිලිබඳ පශ්චාත් යුද ආයෝජන සැලසුම් අඳින, වහා දේශපාලන සමථයකට එන මෙන් කෙඳිරිලි ඉදිරිපත් කරන ඔබාමා තන්ත්‍රයේ මෑත කාලීන වාර්තාවත් ඊට දෙවෙනි නැහැ. ඔබාමා තන්ත්‍රය මේ දිනවල දෙකට බෙදී වාද කරමින් සිටින ප්‍රධානතම අර්බුදය වන්නෙ පැරනි බුශ් පාලනය යටතේ සිරකරුවන්ට සිදු කල දරුනු වධහිංසනයන් පිලිබඳ ලියවිලි තව දුරටත් සඟවා තබනවාද නැද්ද යන කාරනයයි. ඒ අතර ම මේ කිසිදු පාර්ශ්වයක් අතර විවාදයක් නැති කාරනයක් ද තිබෙනවා. ඒ තමයි ඉරාකය, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය මෙකී නොකී සියලු තන්හි අධිරාජ්‍යවාදී යුද්ධය තව දුරටත් තීව්‍ර කිරීම. වැඩි වැඩියෙන් හමුදා/කුලී හමුදා එම ප්‍රදේශවලට යැවීම.
වැඩිදුර කියවන්න Torture and Washington's policy of aggressive war
.
Friday, May 1, 2009
වැදි බස
වැදි ජනගහනය 2500 ක් පමන වුනත් මේ තොරතුරුවලට අනුව වැදි බස කතා කරන සංඛ්‍යාව 300ක් විතරයි!!!
| Name of the language | Vedda (en) |
| Alternate names | Veddha; Veda; Weda; Weddo; Beda; Bedda; Vaedda |
| Vitality | definitely endangered |
| Number of speakers | 300 (1993 by Jonston in Ethnologue, although ethnic population 2500 (2002) ) |
| Location(s) | Eastern Mountains, Badulla and Polonnaruwa districts |
| Country or area | Sri Lanka |
| Coordinates | lat = 7.3460; long = 81.3935 |
| References | Corresponding ISO 639-3 code(s): ved Record number: 01937 |
මූලාශ්‍රය UNESCO Interactive Atlas of the World’s Languages in Danger
Origins of May Day by Rosa Luxemburg (1894)
Written by Rosa Luxemburg in 1894
The happy idea of using a proletarian holiday celebration as a means to attain the eight-hour day was first born in Australia. The workers there decided in 1856 to organize a day of complete stoppage together with meetings and entertainment as a demonstration in favor of the eight-hour day. The day of this celebration was to be April 21. At first, the Australian workers intended this only for the year 1856. But this first celebration had such a strong effect on the proletarian masses of Australia, enlivening them and leading to new agitation, that it was decided to repeat the celebration every year.
In fact, what could give the workers greater courage and faith in their own strength than a mass work stoppage which they had decided themselves? What could give more courage to the eternal slaves of the factories and the workshops than the mustering of their own troops? Thus, the idea of a proletarian celebration was quickly accepted and, from Australia, began to spread to other countries until finally it had conquered the whole proletarian world.
The first to follow the example of the Australian workers were the Americans. In 1886 they decided that May 1 should be the day of universal work stoppage. On this day 200,000 of them left their work and demanded the eight-hour day. Later, police and legal harassment prevented the workers for many years from repeating this [size] demonstration. However in 1888 they renewed their decision and decided that the next celebration would be May 1, 1890.
In the meanwhile, the workers’ movement in Europe had grown strong and animated. The most powerful expression of this movement occurred at the International Workers’ Congress in 1889. At this Congress, attended by four hundred delegates, it was decided that the eight-hour day must be the first demand. Whereupon the delegate of the French unions, the worker Lavigne from Bordeaux, moved that this demand be expressed in all countries through a universal work stoppage. The delegate of the American workers called attention to the decision of his comrades to strike on May 1, 1890, and the Congress decided on this date for the universal proletarian celebration.
In this case, as thirty years before in Australia, the workers really thought only of a one-time demonstration. The Congress decided that the workers of all lands would demonstrate together for the eight-hour day on May 1, 1890. No one spoke of a repetition of the holiday for the next years. Naturally no one could predict the lightning-like way in which this idea would succeed and how quickly it would be adopted by the working classes. However, it was enough to celebrate the May Day simply one time in order that everyone understand and feel that May Day must be a yearly and continuing institution [...].
The first of May demanded the introduction of the eight-hour day. But even after this goal was reached, May Day was not given up. As long as the struggle of the workers against the bourgeoisie and the ruling class continues, as long as all demands are not met, May Day will be the yearly expression of these demands. And, when better days dawn, when the working class of the world has won its deliverance then too humanity will probably celebrate May Day in honor of the bitter struggles and the many sufferings of the past.
Via Marxists Internet Archive
More related articles, poetry, music and literature.
May Day 2009
.
Thursday, April 30, 2009
මහජතාවට වෙඩි තබා සාක්කුවටත් විදීම
එක පැත්තකින් 1929 න් මෙපිට ලෝක ආර්ථිකයට එල්ල වූ බලගතු ම ප්‍රහාර හමුවේ තව මත් පහලට හැරුනු ගමනේ පවත්නා ආර්ථික අවපාතය. අනිත් පසින් තමන් ම වවාගෙන කමින් සිටින යුද්ධය හේතුවෙන් හටගෙන තිබෙන මානුශීය අර්බුදය (humanitarian crisis). දැන් ආන්ඩුව වැඩ දෙකකට සැරසෙනවා
1) මේ අවතැන් වූවන්ට ලැබෙන විදේශාධාර මත බදු පනවා එයින් ගානක් කොටා ගැනීම.මේ හදිසි අවතැන් ජනකාය කෙසේ ප්‍රාදුර්භූත වූ පිරිසක් ද? "ලෝකයේ විශාලතම ප්‍රාන ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම" වසයෙන් තමන් ම කියා ගත් යුද මෙහෙයුම්වල ප්‍රතිඵලයක් හැටියට ආන්ඩුවේ පාලන ප්‍රදේශයට දස දහස් ගනනින් ජනයා පලා එද්දී මේ පලා ඒම "නිදහස සඳහා දෙන යෝධ ඡන්දයක් වසයෙන්" ද හඳුන්වන්න ආන්ඩුව පසුබට වුනේ නැහැ. එහෙත් සැබෑ තත්වය නම් ඊනියා යුද මුක්ත කලාපය තුල ආන්ඩුව විසින් ම නිර්මානය කරනු ලැබූ කුසගින්න, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම හා ඉවක් බවක් නැතිව වස්සනු ලබන කාල තුවක්කු හා බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට බුරුතු පිටින් ජනයා පලා ආ බවයි. එහි තතු යථා පරිදි වාර්තාකරනයට තව මත් පනවා තිබෙන සම්බාධක තහවුරු කරන්නේ මේ ව්‍යසනය දැන් ම නැවැත්වීමට ආන්ඩුව සූදානම් නැති බව මිස අන් කුමක් ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර රතු කුරුසයත් දැනට මත් අනතුරු අඟවා ඇත්තේ අවි නොගත් සාමාන්‍ය ජනතාව සම්බන්ධ අර්බුදය ඉදිරියේ දී තවත් දරුනු අතට හැරිය හැකි බවටයි.
2) අවතැන් වූවන්ට "ආධාර කිරීම" මෙරට සාමාන්‍ය සිවිල් ජනයා මත පැටවීම. (මෙය නිකං ඇවිදින්න බැරි එකාට අලු කුල්ලකුත් අරන් ඇවිදින්න කිව්වාට සමාන නරුම වැඩක්)
මේ සිටින සරනාගතයින්ගේ ශාරීරික තත්වය ම අර්බුදයේ මරනීය බව මනා ව විදහා පානවා. නිසි ආහාරයක්, සෙවනක් හා සෞඛ්‍ය පහසුකමකින් තොර ව මාස ගනනාවක් සිටීම නිසා ඇට සැකිලි බඳු ව ගිය ශරීර ඇති සියගනන් තුවාල ලැබූවන්ගෙන් වවුනියා රෝහල පිරී ඉතිරී ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ශෙල් පතුරුවලින් ලද තුවාල නිසා ඔත්පල ව ඉන්නා අය. මෙය මා අතිත් දමා කියන්නක් නොව මෙද්සැං සොං ෆ්‍රන්තියේර් - Médecins Sans Frontières (MSF) - සංවිධානය පසුගියදා යථාතතු ප්‍රකාර වාර්තා කල අන්දමයි. එම සංවිධානය ම සැපයූ වීඩියෝ වාර්තාවක් සඳහා මේ පිටුව ද ලංකාව සම්බන්ධ ඔවුන්ගේ සියලු වාර්තා සඳහා මේ පිටුව ද බලන්න. මේ ප්‍රහාර වනාහි හමුදාව වට කොට වවුලන් එලවීමට රතිඤ්ඤා දමන්නාක් මෙන් මහජනතාව එලවා දැමීමට කල ප්‍රහාරයෙහි ප්‍රතිඵලයි. මේ "මුදා ගත්" ජනකායට දැන් අත් ව තිබෙන ඉරනම පසුගිය දශක ගනනාව තිස්සේ යුද්ධය නිසා අවතැන් වූවන්ට අත් වූ ඉරනමට වෙනස් නැහැ. හමුදාව විසින් හෝ වෙනත් ආකාරයකට පාලනය කරනු ලබන සිර කඳවුරුවලට නොදෙවෙනි දහජරා අනාථ කඳවුරුවල අනියත කාලයක් ගත කිරීමට සිදු වීම හැර අන් විකල්පයක් පෙනෙන මානයක නැහැ.
යුද්ධය අවසානයකට පැමිනි බවට ගසන කයිවාරු කෙසේ වතුදු යුද වියදම් සතයකිනුදු පහත හෙලීමට කිසිදු සූදානමක් නැති බව මීට පෙර සතියක නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇඟවුම් කර සිටියා. ඔහු කී පරිදි වත්මන් යුද්ධය අවසන් වුවත් වත්මන් ආරක්ශක විධිවිධාන පද්ධතිය පෙනෙන මානයක දී අවසාන වනු නැහැ. එසේ නම් මේ උතුර පුනරුත්ථාපනය හා අවතැන් වූවන් යලි පදිංචි කිරීම පිලිබඳ කයිවාරු ඉටු කරනුයේ ගස්වලින් කඩන මුදලින් ද?
මේ වාතාවරනය පිලිබඳ කදිම විශ්ලේශනයක් සම්පාදනය කරන විජේ ඩයස් පෙන්වා දෙන පරිදි "සිවිල් යුද්ධය අවුරුදු 25ක් තිස්සේ ගොඩනඟා තිබෙන ආරක්ෂක තන්ත්‍රය අවසාන වනු ලබන්නේ හුදෙක් දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගාදැමීමෙන් පමනක් නොවේ. එල්ටීටීඊයේ යුද්ධමය හැකියාව විනාශ කරන ආන්ඩුව දැන් වහාම සූදානම් වන්නේ මුලුමහත් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහි මහා ප්‍රහාරයකට ය. බංකොලොත්කමේ මුවවිටේ සරන ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙතෙක් ලබා ඇති සුවිසල්ම නය මුදල ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටී. ආන්ඩුව කම්කරුවන් ද ගොවියන් සහ තරුනයන්ද ඇතුලු තම අයිතීන් රැකගැනීමට සටන් වදින සකල ජනයාට එරෙහිව පොලිස් රාජ්‍ය පියවරයන් ගනු ඇත"
"එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ මිලිටරි ජයග්‍රහනයන් ගැන කොලඹ දේශපාලන සංස්ථාපිතය විසින් දැන් පවත්වාගෙන යනු ලබන යුදවාදී ඝෝෂාවේ සැබෑ අර්ථය මෙයයි. පසුගිය අවුරුදු තුන තිස්සේ රාජපක්ෂ ආනුඩුව වැඩ වර්ජනය කල කම්කරුවන්ට සහ පන්ති වර්ජනය කල ශිෂ්‍යයන්ට "කොටි ත්‍රස්තවාදීන්ගේ" හවුල්කරුවන්ය කියා ව්‍යාජ චෝදනා එල්ල කර ඇත. දැන් එල්ටීටීඊයේ පරාජයෙන් ශක්තිමත් කරනු ලැබූ ආන්ඩුව හා පාලක ප්‍රභූවේ වචාත්ම ප්‍රතිගාමී කොටස් වැඩි කල් යන්නට පෙර තම අලුත් ම සතුරා - කම්කරු පන්තිය ලෙයින් මඬින ලෙස ඉල්ලා සිටිනු ඇත..." වැඩි දුර කියවන්න ඉංගිරිසි / සිංහල(pdf)
වෙනත් වචනවලින් කියතොත් සියලු මර්දන නීති හා ආරක්ශක "විධිවිධාන" අඛන්ඩ ව පවත්වාගෙන යාමට අදිටන් කරගෙන සිටින ආන්ඩුව, ජනතාව හමුවේ තබන අනාගත වැඩ පිලිවෙල මෙහෙමයි - තව දුරටත් වැඩි වැටුප් ඉල්ලීම් එපා. උද්ඝෝශන එපා. මේ ජීවන කොන්දේසි දරාගෙන සිටීම වනාහි දේශප්‍රේමයයි. එයට එරෙහි ව යාම ත්‍රස්තවාදයයි. අනාථ ආධාරවලිනුත් කොටසක් අපට ඕනෑ. මුල්‍ය අරමුදලේ නයත් අපට ඕනෑ. එසේ තිබිය දීත් මහජනතාවෙනි අප වෙඩි තැබූ ජනතාවට තෙපි ම ආධාර ද දියවු!
"එල්ටීටීඊ ග්‍රහනයෙන් පලා ආ" ජනතාවටත් දකුනේ සෙසු පීඩීත ජනතාවටත් රාජපක්ශ පාලනය යටතේ ලැබෙන "විමුක්තිය" මෙය ද?
අදාල වෙනත් ලිපි
Imperialist hypocrisy over the Sri Lankan war
Halt the war crimes in Sri Lanka
Mounting civilian death toll in Sri Lankan war
යුද ගිනිදැල් අතරින් බේරී පැමිනියෝ
ශ්‍රී ලංකාවේ යුද අපරාධ නවතනු (pdf)!
Sri Lankan military continues shelling “no-fire zone”
.
Saturday, April 25, 2009
මට එරෙහිව X, Y සහ Z (මතු ආරක්ශාව පිනිස ලියා තබන වගයි)
මේ බ්ලොග් අඩෙවිය අරඹා දැන් වසර දෙකකුත් මාසයක් පමන වෙනවා. ඊටත් ඔබ්බට දිවෙන මගේ බ්ලොග්කරනය ඇරඹුනේ 2005 පෙබරවාරි හෝ ඒ ආසන්නයේ. එහෙත් මේ වෙලාවේ ලියන්න තියෙන්නෙ ඒ තරම් උත්කර්ශවත් සැමරුම් සටහනක් නෙමෙයි. කරුනු පැහැදිලි කිරීමක්.
පහුගිය වසරක පමන කාලය තුල මට එරෙහි ව එල්ල වුන ප්‍රධාන චෝදනාව (මඩ ප්‍රහාරය) තමයි සිංහල බ්ලොග් අවකාසයේ තිබෙන වෙනත් ආරූඪ නාමික බ්ලොග් අඩෙවි මවිසින් ලියනු ලැබූ ඒවා ය යන කතාව. සැඟව ගත් විවිධාකාර වංචකයින් මෙන් ම ඉඳ හිට මුහුනට මුහුන හමු වන අපභ්‍රශ්ටයින් ද මේ කතාව කියා පෑවා - කිසි ම විටෙක කිසිදු සාක්ශියකින් තොර ව. එසේ වුවත් එක ම බොරුව යලි යලිත් පුනරුච්චාරනය කෙරෙන කල්හි දුහුනන් සිත්හි එය ම සැබෑව බවට හැඟීමක් පහල වීම ස්වභාවයක්. එසේ ම එය වනාහි අන්තර්ජාලය තුල අප විසින් අතිමහත් සද්භාවයෙන් දියත් කොට පවත්වාගෙන යන විවිධ වූ කටයුතුවල කීර්තියෙහි ද හොඳ නමෙහි ද මඩ තැවරීමක්. දැන් ඊට අමතර තවත් තදබල අන්තරායක් මට පෙනී යනවා. කරුනු සොයා බලා නිගමනවලට එලඹීම යනු ස්වල්ප දෙනෙක් පමනක් අනුයන සද්චාරිත්‍රයක් බැවින් පැහැදිලි කිරීමක් සඳහා කාලයයි මේ.
මවිසින් රචිත බවට ඍජු ව හෝ අන් තන්හි ප්‍රතිචාර වසයෙන් චෝදනා කෙරුනු බ්ලොග් අඩෙවි සියල්ලේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා (මා දන්නා තරමින් තියෙන්නේ මෙපමනයි). දල වසයෙන්, කාලානුක්‍රමික ව දක්වන්නම්. ආරම්භය හැටියට වරහන් තුල තියෙන්නේ මට දැන් සොයාගත හැකි පරිදි මුලින් ම චෝදනාව සඳහන් වූ ස්ථානය යි :
- Unprotected Thoughts (ආරම්භක චෝදක - දෙඤ්ඤං බැටේ බ්ලොග් අඩෙවියේ ප්‍රතිචාරකරුවෙක්)
- දෙඤ්ඤං බැටේ (ආරම්භක චෝදක - දෙඤ්ඤං බැටේ බ්ලොග් අඩෙවියේ ප්‍රතිචාරකරුවෙක්)
- Made in Sri Lanka (චෝදනාව පවතින බව දැනගන්න ලැබුනේ ඩනිෂ්ක හරහා)
- අමුමිරිස් (මෙවැනි චෝදනාවක් පවතින බව බෝ, ඩනිෂ්ක සහ තවත් අය වාර්තා කල අතර නැවතත් එය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල වූ ව්‍යාජ ප්‍රතිචාරයකින් පුනරුච්චාරනය වුනා)
- මකබාස් (ආරම්භය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල කෙරුනු ව්‍යාජ ප්‍රතිචාරයක්)
- සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects (ආරම්භය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල කෙරුනු ව්‍යාජ ප්‍රතිචාරයක්)
- Beyond Frame (ආරම්භය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල කෙරුනු ව්‍යාජ ප්‍රතිචාරයක්)
ඊයේ හටගත් නවතම සිද්ධිය
Beyond Frame වෙබ් අඩෙවියට මගේ සම්බන්ධයක් පවත්නා බවට තමාට ඊමේල් ලැබෙමින් පවතින බව බ්ලොග් රචිකා බෝ මට දන්වා සිටියා. ඉතින් ඇය මගෙන් ඇසූ ප්‍රශ්නය වුනේ "ඔබ බියෝන්ඩ් ෆ්‍රේම් අඩවියට සම්බන්ධ කෙනෙක් ද?" යන්නයි!
මේ නවතම සිද්ධිය එක පැත්තකින් තරමක් ආනන්දය දනවන්නක්. මොකද Beyond Frame අඩෙවිය මා කියවන බ්ලොග් අතර ප්‍රියතම අඩෙවියක්. එවැන්නක් මට ලියන්න හැකි නම් අගෙයි! ඉහත සඳහන් Unprotected Thoughts සහ Taboo Subjects ගැනත් මගේ ආකල්පය එහෙමයි. මොන තරම් ගෞරවයක් ද? ඒත් අනිත් පැත්තෙන් මේ පුවත කිසියම් තැතිගැන්මක් ද ඇති කලා.
ඇයි බය?
Beyond Frame යනු මරනීය තර්ජයන්ට පාත්‍ර ව සිටින බ්ලොග්කරුවෙක්. එසේ ම ඔහු/ඇය සම්පූර්න ආරූඪ නාමික ලේඛනයක යෙදෙන කෙනෙක්. ලංකාව වගේ රටවල ලේඛකයින්ගේ ජීවිතවලට තිබෙන අවදානම නිසා ඒක ගැන ඒ තරම් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේ ම ආරූඪ නාමික ව ලිවීම ලේඛන කලාවට අලුත් දෙයක් ද නොවෙයි. (Beyond Frame බ්ලොග්කරුට එල්ල වූ ඇතැම් තර්ජන පිලිබඳ කියවන්න මේ සබැඳුම ක්ලික් කරන්න.) එනිසා ම එක් පසෙකින් එකී බ්ලොග්කරුගේ අනන්‍යතාව එලි කරගැනීමටත් දුරදිග යන ප්‍රහාර එල්ල කිරීමටත් එම අඩෙවියේ පල වන ලිපි නොරුස්සන ඇතැම් පාර්ශ්වයන්ට අවශ්‍ය ව පවතින බව නොරහසක්. ඒ ගැන මා ලියූ සටහනක් සඳහා මේ පිටුව බලන්න.
Beyond Frame අඩෙවියේ රචකයාට එල්ල ව තිබෙන තර්ජන ගර්ජන සියල්ල ප්‍රසිද්ධියේ බ්ලොග්කරනයේ යෙදෙන මා වෙත හරවා එවමින් මා ද නිහඬ කිරීම මේ තර්ජකයන්ගේ අරමුන බව පැහැදිලියි. මගේ ලිපිනය, දුරකථන අංක, නම-ගම යන එන තැන් දන්නා බොහෝ ගනනක් දෙනා අන්තර්ජාලයේ සිටිනවා. එ නිසා මා Beyond Frame ලියන බව පිලිගන්නා, ප්‍රචාරය කරන පිරිසක් සිටින තත්වයක් තුල එම අඩෙවියට එල්ල වන සියලු විරෝධතාත් එකී තර්ජන ගර්ජනත් මා මතින් ක්‍රියාත්මක වීමට ඉඩක් නැති බවට දිය හැකි සහතිකය කුමක් ද? Beyond Frame ලියන ලේඛකයාට එකී අදහස් පල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ම ඔහු හෝ ඇය ලියන දෑ වෙනුවෙන් "නොමිලේ" ගුටි කෑමේ හා මරනීය ප්‍රහාරයට ලක් වීමේ ඉඩ මා වලකා ගත යුතු නොවේද? මේ නිවේදනය පල කලේ එනිසයි.
අවධාරනය :
ඉහත ලැයිස්තුගත එක ද බ්ලොග් අඩෙවියක හෝ කර්තෘත්වය, අඩෙවි පාලනය හෝ වෙනත් මොන ම හෝ සම්බන්ධයක් මට නැහැ! එසේ ම මගේ blogspot ගිනුමෙන් හෝ එහි openID ද්වාරයෙන් තථ්‍යාකාරයෙන් පිවිසී (log වී) මිස මා කිසිදු බ්ලොග් ප්‍රතිචාරයක් නාමික ව, නිර්නාමික ව හෝ ආරූඪනාමික ව පල කර නැති බව ද අවධාරනය කරනවා. එනිසා ම මෙකී අපප්‍රචාර හේතු කොට ගෙන මට මුහුන දීමට සිදු වන කායික, මානසික හා අනෙකුත් අනතුරු-අවදානම් සම්බන්ධයෙන් එකී ප්‍රචාරයෙහි නිරත වන්නන් වගකිව යුතු බවත් පාඨකයින් හමුවේ කියා සිටිනවා.
ඒ අතර ම, මට අමතරව, මේ අර්බුදයට මැදි ව සිටින සියලු බ්ලොග්කරුවන්ටත් ස්වකීය අදහස් මර්දනයෙන් තොර ව නිදහසේ පල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් නැවතත් සහෝදරාත්මක සහයෝගය පල කර සිටිනවා.
.
Wasn't me! Isn't me!! An important announcement regarding the author of this blog
Unprotected Thoughts
දෙඤ්ඤං බැටේ
Made in Sri Lanka
අමුමිරිස්
මකබාස්
සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects
Beyond Frame
Furthermore he maintains that those who conduct hate propaganda against him, claiming that Anandawardhana is the author of the above blogs, are accountable for any physical, mental or any other harm caused as a result of this propaganda.
Author of this blog believes in bloggers rights, including the right to stay anonymous as manifested in the form of internationally recognized and valid court judgments. Therefore he, by all means, does not intend to harm privacy, anonymity or any other right of any of the bloggers in question.

